Featured News

Video Gossip

Advertisement

මට තාම 24 යි තාම චූටිනේ - දැම්ම විවහා වෙන්න අදහසක් නෑ
එයා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්  
බිස්කට් දැන්වීමකින් කරලියට ආ සඳනි ප්‍රනාන්දු කියන කතාව

සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ මේ කාලේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය වෙච්ච දක්ෂ රංගන ශිල්පිනියක්. “හාර කෝටිය,”කෝටිපතියෝ”,”තුත්තිරි ” ආදී ටෙලි නාට්‍ය සමඟ ඇය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම ඇය වැඩිපුරම ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තෙ පසු ගිය දිනවල ස්වර්න්වහින්යේ විකාශය වූ “අග්නි පියාපත්” ටෙලිනාට්‍ය නිසයි.

රංගනයෙන් වගේම සඳනි පසුගිය දිනවල ගායනයටද පිවිසියා ය. මේ ඇය සමඟ කළ කතාබහක්.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල තරමක් කාර්යබහුලයි. රූපගතකිරීම් එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ.

කලාවට එන්න පාර කපන්නේ වෙළඳ දැන්වීම් නේද?

වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලාවට යොමු වුණේ. මුලින්ම මම පෙනී හිටියේ බිස්කට් දැන්වීමක. ඊට පස්සේ මට දිගටම වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. 2016 දී වගේ කරපු වෙළඳ දැන්වීමක් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුණා. ප්‍රේක්ෂකයෝ මාව සොයන්න ගත්තෙත් වෙළඳ දැන්වීම් පෙනී සිටීමත් එක්ක.

ඉස්සරහට මොනවද අලුත් වැඩ?

ටෙලි කාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල සංගීතය පැත්තෙන් පොඩි වැඩ කිහිපයකටත් අතගහලා තියෙනවා.

රඟපෑම අතෑරලා ගායනයට යන්නද හදන්නේ?

අපෝ නැහැ. මොන වෘත්තිය කළත් රංගනය අතාරින්නේ නැහැ. සිංදුවක් කරන්න මට කාලයක් තිස්සේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය පසුගිය දවස්වල සැබෑ කරගන්න මට පුළුවන් වුණා. ‘ආදරේ මා නමින්’ ගීතය මගේම ගීතයක්. පියත් රාජපක්ෂ සමගයි එය ගායනා කරන්නේ. පියත්ගෙන් ඒ ගීතය ගයන්න මට ලොකු සහයෝගයක් ලැබුණා. තවත් ගීත දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා.

සඳනිට ගායනයට හිත යන්නේ කොහොමද?

පුංචි කාලේ ඉඳලාම සංගීතයට මම හරිම ආසයි. පාසල් කාලේ ඉඳලා මට යම් දුරකට ගායනා කරන්න හැකියාවක් තිබුණා. ඒ ආසාව ඇති වෙන්නේ මගේ අයියා නිසා. ඔහු තිළිණ ප්‍රනාන්දු. එයත් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. පස්සේ මම සංගීතය ඉගෙන ගත්තා. සංගීතය ඉගෙන ගනිමින් ඉන්න අතරතුර තමයි ගීතයක් කරන්න ඕනෑ කියලා හිතුණේ.

සිනමාවෙන් ඉල්ලුම අඩුද?

චිත්‍රපට පැත්තෙන් මට ලොකුවට ආරාධනා ලැබිලා නැහැ. හොඳ චිත්‍රපටියක පිටපතක් ලැබුණොත් රඟපාන්න ඇත්තටම ආසාවෙන් ඉන්නවා.

ප්‍රේක්ෂකයෝ සඳනිගෙ කොණ්ඩෙට හුඟක් කැමතියි නේද?

ඇත්තටම ඉන්නේ මගේ කර්ල් කොණ්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ. මට ජීවිතේ ගොඩක් තැන්වල වාසනාව ගෙනත් දීලා තියෙන්නේ මගේ කොණ්ඩේ. රංගනයට පිවිසීමට මගේ පෙනුමත් හේතුවක් වුණා කියලා මම විශ්වාස කරනවා.

පවුලේ විස්තර ටිකකුත් කියමුද?

මගේ උපන් ගම මාරවිල. ඉගෙන ගත්තේ මීගමුව ජාත්‍යන්තර පාසලක. පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි මමයි ඉන්නේ. මගේ තාත්තා දැනට මාස එකහමාරකට ඉහතදී මිය ගියා. දැන් අම්මා තමයි හැමදේකදිම ළඟින් ඉන්නේ.

දැන් පරස්ථාවක් කරගන්න හොඳ කාලේ කියලා හිතෙන්නේ නැද්ද?

තව අවුරුදු දෙකකින් විතර තමයි විවාහ වෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මට තාම 24 යි තාම චූටිනේ. මේ කාලේ බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරු කාලයක්නේ. මම මේ වෙනකොට පෙම්වතියක්. ඔහු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඔහුගෙන් මට කියාගන්න බැරි තරම් සහයෝගයක් ලැබෙනවා.

ගායකයෙක් පෙම්වතා කර ගන්න හේතුව සංගීතයට තියෙන ආසාව නිසාද?

ඇත්තටම ඔව්. මම ඔහුට කැමැති වීමේ විශේෂතම හේතුව සංගීතයට තියෙන ආදරය සහ ආසාව නිසාමයි. දැන් මම ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයාට.

නදීශා අතුකෝරළ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements