Advertisement

එතන Tattoo එක කරද්දි මට ගොඩක් රිදුණා
මගෙ ජීවිතේ ඒ් Tattoo එක වෙනස්ම අත්දැකීමක් වුනා - නතාශා පෙරේරා
[PHOTOS]

නතාශා පෙරේරා අලුත් වෙලානතාශා පෙරේරා කියන්නේ 'සුළඟක් වී මං යනවා' ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඈ දැන් කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්.

 ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව නොදන්න කෙනෙකු නොමැති තරම්.

එදාටත් වඩා සුන්දර පෙනුමකට හිමිකම් කියන මේ රුවැත්තිය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි කියලා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත් ආදරේ කරන චරිතයක්.ඇය ගැන පසුගිය කාලේ ගොඩක් කතාබහ ඇති වුණේ ඇය දික්කසාද වුණා කියන ප්‍රවෘත්තියත් එක්ක. මේ හේතුව නිසාම "ඒ කතාව බොරුවක්" කියන්න, නතාශා මාධ්‍ය ඉදිරියට ආවා.

නතාෂා මේ වෙද්දි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර. නතාෂා ඇගේ උදර ප්‍රදේශයේ ගසා ඇති Tattoo එක පේන්න නිතරම සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කරනවා.

නතාෂා මේ Tattoo එක කරන අවස්ථාවේදී ගත් ඡායාරූප කීපයක් පළ කරමින් ඒ ගැන මෙසේ සටහන් කරලා තිබුනා.

"ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි Tattoo එක කරද්දි මට රිදුනෙ නැද්ද කියලා..
රිදුණා.. ගොඩාක්. මේ Tattoo එක මගෙ ජීවිතේ වෙනස්ම අත්දැකීමක් උනා..
 ඇයි කිව්වොත් වේදනාවට වඩා වැඩි දරාගැනීමක් මං ඇතුළෙ තියෙනවා කියල මටම දැනගන්න පුළුවන් උන නිසා..

මගෙ Tattoo එකේ story එක, placement එක, ඇයි මේ වගේ design එකක් තෝරගත්තෙ මේ ඔක්කොම කියන්නම් ඉස්සරහට."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements