Featured News

Video Gossip

Advertisement

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙදරයි.. 
දරුණු පරාජය ගැන නිදහසට කරුණු විමසන අතරේ ජනතාව ක‍්‍රිකට් ආයතනය වටලා විරෝධතාවක් සංවිධානය කරයි 

ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජය පිළිබඳව කරුණු විමසීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

ඉන්දියාව සමග වූ තරගයට කණ්ඩායම නම් කළ පදනම කුමක් ද යන්න මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇත.ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ දනන්ජය සිල්වා වෙනුවට දුෂාන් හේමන්ත කැදවීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් පවතින බවය.

එමෙන්ම ඊයේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ ඉතා දුර්වල ක්‍රීඩා විලාශය පිළිබඳව කරුණු විමසීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. 

ක‍්‍රිකට් ආයතනය වටලා විරෝධතාවක්

මේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබේ.

සමාජ ජාල ඔස්සේ ඒ සඳහා ඇතැමුන් විසින් ඒ වෙත පිරිස් කැඳවමින් ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් ලද දරුණු පරාජයන්ට විරෝධය පළ කරමිනි.

ක‍්‍රිකට් ආයතනයට අප්‍රසාදය පළ කිරීම සඳහා මෙම සාමකාමී විරෝධතාවය සංවිධානය කරන බව සමාජජාලාවල සංවිධානය කරන්නට කියා සිටිති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements