Featured News

Video Gossip

Advertisement


සජබේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තවම නමක් නෑ 

හිටපු ඇමති මනුෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් නෙරපීම නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසු පුරප්පාඩු වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරයට බන්දුල ලාල් බණ්ඩාරිගෙඩ පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ගාල්ල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ලැයිස්තුවේ ඊළඟ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙස තේරී පත්වී සිටි නිසා මැතිවරණ කොමිසම මෙම පත්කිරීම සිදුකර තිබේ. හිටපු ඇමති හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමද නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලැබූ අතර ඔහු පත්වී තිබුණේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි. 

ජාතික ලැයිස්තුවේ ඇති වූ එම පුරප්පාඩුවට එම පක්ෂය මෙතෙක් කිසිවකු පත් කර නැති අතර ඒ සඳහා හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත්කළ යුතු යැයි පිරිසක් කියා තිබුණි. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා තම පක්ෂයෙන් පත්කරන ලෙස ඉල්ලීමක් කර නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් කියා තිබුණු අතර ඒ සඳහා පත්කිරීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සුදුසු බවද ඔහු කියා තිබුණි. 

 එමෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන්ද කියා තිබුනේ එම මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර නැති බවයි. මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා තිබුනේ මන්ත්‍රී ධුරය තමාට ලබාදෙන ලෙස ඇය ඉල්ලීමක් කර නැති බවත්, ඉල්ලා කිසිවක් ලබා ගැනීමට ඇය සූදානම් නැති බවත් හා ඡන්දයේදී ජනතා කැමැත්තෙන් ඇය තේරී පත්වන බවත්ය.

 ඇය එසේ කියා තිබුණේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඇයට ලබාදුනහොත් සජිත් ප්‍රේමදාස ට ලබාදෙන සහයෝගය නවතා දමන බවට විද්‍යුත් මාධ්‍ය ජාලයක් ප්‍රකාශ කර ඇති බවට වන වාර්තා පිළිබඳ අදහස් දක්වමින්ය.
 (anidda.lk - ඉඳුවර බණ්ඩාර)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements