ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ
දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි.
ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර
ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිලිනි මීවැව (41) නමැත්තියකි.

