Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා (මෝඩයාගේ දිනයේ) විහිළුවක් තම ෆේස් බුක් ටයිම් ලයින් එකේ පළ කරන ලද දිලිනි මීවැව නමැති කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්ෂණ

දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙයි.

ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර

ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. ප‍්‍රභාකරන් මහතා අද (06) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දිලිනි මීවැව (41) නමැත්තියකි.

ඇය නර්තන ගුරුවරියකද වන අතර ආබාධිතයින් සඳහා උගන්වන පැරා නර්තන සංගමයක මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරමින් සිටින්නියකි.

වාද්දුව, මහවිහාර මාවත පදිංචි ඇය නිරන්තරයෙන්ම ෆේස් බුක් වෙත විවිධ දෑ උපුටමින් ෂෙයාර් කිරීම පුරුද්දක් කරගත් තැනැත්තියක වන අතර පසුගිය අප්‍රේල් 01 වනදා 'Gotabhaya has tested positive for covid 19... Sad...' යනුවෙන් මිතුරන්ට පෙනෙන පරිදි පෝස්ටුවක් පළ කර තිබූ අතර එය බොහෝ තැන් වලට හුවමාරුවී තිබේ.

ඇගේ ෆේස් බුක් කවර ඡායාරූපයේ දැක්වෙන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමුවූ අවස්ථාවක ඡායාරූපයක් වන අතර බැලුබැල්මට ඇය එජාපයේ ක්‍රියාකාරිනියක ලෙස දිස්වේ.

ජනාධිපති ගෝඨාභයට කොරෝනා වයිරසය වැළැදී ඇතැයි අසත්‍යයක් ප‍්‍රචාරය කර පරිගණක පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements