ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට සුදානම් බව ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
සේනාධිරාජා මහතා පැවසූවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි කාන්තා නියෝජනය වැඩි කිරීමට ගෙන ඇති තීරණය හමුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිඳ වන සෂිකලා රවිරාජ් මහත්මිය එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පක්ෂය තීරණය කොට ඇති බවයි.


