අයියයි-මල්ලියි එකතු වී හොර බැංකුවක් හදා ගමම අන්දලා
Arrested
,
Bank
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
police
,
web gossip
මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචි නොකොට නීති විරෝධී බැංකුවක් ලෙස පවත්වාගෙන යමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු උඩුගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සහෝදරයන් දෙදෙනකු හා ඥාතීන් පිරිසක් එක්ව හෝමෙදාළ සණස සමිතිය නමින් මෙකී ව්‍යාජ බැංකුව පවත්වාගෙන ගොස් ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. රුපියල් ලක්ෂ 05ක පමණ තැන්පතු මුදල් තැන්පතුකරුවන්ට ගෙවා නොමැති බව ප්‍රකාශ කරන පොලිසිය මේ සම්බන්ධව තැන්පත්කරුවන් 17 දෙනකු පැමිණිලි කර ඇති බව කියයි.
පොලිසිය විසින් මේ පිළිබඳව විමර්ශනය කිරීමෙන් පසු මෙකී බැංකුවේ භාණ්ඩාගාරිකවරයා අත්අඩංගුවට ගත් බවත් 41 හැවිරිදි වියේ පසුවන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
උඩුගම පොලිසියේ ස්ථානාධිපති පො.ප. ක්‍රිෂාන්ත, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. අමරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.
මාපලගම - රසික සෙනවිරත්න

