Advertisement

බ්‍රිතාන්‍ය රාජකීයත්වය නිල වශයෙන් ඉවත දැමූ හැරී සහ මේගන් යුවළගේ එදිනෙදා වියදම් සහ ආරක්ෂක බරපැන දරනුයේ කවුරුන්ද යන පැනයට මේ දක්වා පැහැදිලි පිළිතුරක් ලැබී නැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට හිටපු රාජකීයයන්ගේ නඩත්තුව කැනඩා රජය දැරිය යුතු නැතැයි කැනේඩියානුවන් පැහැදිලි බහුතරයක් අදහස් කරන බව පෙනීගොස් ඇති බව එම මාධ්‍ය පවසනවා.

මෙම අදහස ඇති කරගැනීමට පදනම් වී ඇත්තේ නැනෝස් රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයයි.

මහ රැජනගේ නියෝජිතයන් වශයෙන් පෙනී නොසිටින හැරී-මේඝන් පවුල පෝෂණය කිරීම කැනේඩියානු බදු ගෙවන්නන්ගේ වගකීමක් නොවන බව සමීක්ෂණයට බඳුන් කරන ලද නියැදියේ බහුතරය පවසා තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍යයේ සිටියදී හැරී යුවළට හා ආචී ළදරුවා හට නොලැබුණු ගරුත්වයක් කැනඩාවේ දී හිමි වනු ඇතැයි ඔවුන් පවසා තිබෙනවා.යථෝක්ත කාරණය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බව කැනේඩියානු බලධරයෝ පවසනවා.

පසුගිය දිනවල ආචී දරුවා සහ සුරතල් සුනඛයන් සමඟ මේඝන් සක්මනේ යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප ඇතැම් ජනමාධ්‍යවල පළවී තිබූ අතර මින්පසු ඇගේ කැමැත්ත රහිතව එවැනි ඡායාරූප ගැනීම හෝ ප්‍රසිද්ධ කිරීම සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට හැරීගේ නීතිඥයෝ අනතුරු අඟවනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements