Featured News

Video Gossip

Advertisement

ඉංදියාවෙ ඉදන් ඇවිත් නිරෝධායනය වී නෑ
අත්‍යාවශ්‍ය භාණ්ඩ මාරවිල ප‍්‍රදේශයේ නිවාස 100 කට පමණ බෙදලා
ඔහුගෙ බිරිදටත් කොරෝනා

මාරවිල නාත්තණ්ඩිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුනු නව කොරෝනා ආසාදිතයාගේ බිරිඳට ද එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මොහොමඞ් ෆුවාඞ් ෆාරුක් නමැති මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ගොස් ඇති අතර ඔහු යළි මවුබිමට පැමිණ ඇත්තේ ඊට පසුදිනයි.

මෙම පුද්ගලයා ස්වයං නිරෝධායනයකට ලක්ව නොසිටි බව ද අනාවරණ වී තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඔහු කොළඹ පිටකොටුව ප‍්‍රදේශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන මාරවිල ප‍්‍රදේශයේ නිවාස 100 කට පමණ බෙදා දී ඇති බව ද හෙළිවි තිබෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ අනුව මොහොමඞ් ෆුවාඞ් ෆාරුක් නමැති මෙම පුද්ගලයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඔහු පදිංචිව සිටි මාරවිල නාත්තණ්ඩිය ගැමුණු මාවත ප‍්‍රදේශයේ පිහිටි නිවාස 10 ක සිටි පුද්ගලයින් නිවෙස්වලම නිරෝධායනයට ලක් කිරීමට ද මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පුත්තලම නූර් මස්ජිද් පාරේ දෙවන පටුමග ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු තුවාන් අහුමදු තුවාන් හලීම් නැමැති නව කොරෝනා ආසාදිතයා ආගිය තැන් පිළිබඳ ද තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඔහු ඉකුත් පෙබරවාරි 26 වැනිදා විදෙස් සංචාරයක් සඳහා මිතුරන් 05 දෙනෙකු සමග මවුබිමෙන් පිටත්ව ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

තුවාන් අහුමදු තුවාන් හලීම් නමැත්තා ඇතුලූ මිතුරන් 05 දෙනා තායිලන්තය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල එහිදී සංචාරය කර ඇති බව ද හෙළිව තිබෙනවා. මේ වනවිට මෙම කොරෝනා ආසාදිතයාගේ සහ ඔහුගේ මිතුරන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුලූ පුද්ගලයින් 125 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.

ශ‍්‍රී ලංකාවෙන් මේ වනවිට හඳුනාගෙන ඇති මුළු නව කොරෝනා ආසාදිතයින් ගණන 117 ක්. එක් අයෙකු මියගියා. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 11 ක්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements