Featured News

Video Gossip

Advertisement

මිතුරෙක් අදාළ පුද්ගලයාගේ පෑන රැගෙන ගිහින්
ගතවුනේ තත්පර 30යි

පෑනක් නිසා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වුණා.

58 හැවිරිදි මෙම පුද්ගලයා දකුණු දුපතේ වේක්ෆීල්ඞ්හි පදිංචිකරුවෙක්. මිතුරෙකු විසින් අදාළ පුද්ගලයාගේ පෑන රැගෙන ගොස් ඇති අතර තත්පර 30 ක පමණ කාලයකින් අනතුරුව එම පෑන අදාළ පුද්ගලයා විසින් යළි ගෙනැවිත් දී තිබුණා.

ඉන් දින කිහිපයකට පමණ පසුව නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් එම පුද්ගලයා හට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළවී ඇති බැවින් වහාම පැමිණ කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු වන ලෙයසි.

ඒ වනවිටත් තමන්ට සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස සහ තවත් රෝග ලක්ෂණ මතුවී තිබූ නමුත් සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් දුරකථන ඇමතුම සරදමක් ලෙස සිතූ බව ද ඔහු පවසනවා.

කෙසේවෙතත්, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය ලබාදී තිබූ උපදෙස් සියල්ල පිළිපැදි තමන්ට කොරෝනා ආසාදනය වූයේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු භාවිත කළ පෑනක් නිසා බවයි ඔහු පවසා ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements