කොරෝනා ආසාදනය වූ තවත් ලාංකිකයින් 3 ක් හඳුනාගනී
corona
,
Corona-viruses
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41ක් හැවිරිදි පුද්ගලයෙකු සිටින අතර ඔහු මේ වන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එසේම ඉතාලියේ සිට පැමිණි වයස අවුරුදු 37ක් වු පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර ඔහු ඉතාලියේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු අයෙකි.
ඔහු මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
අනෙක් රෝගියාද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවු 43 හැවිරිදි අයෙකි.
ඔහු ද අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


