Featured News

Video Gossip

Advertisement

හලාවත ප්‍රදේශයෙන් සොයා ගනු ලැබූ කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයා ගේ පවුලේ සාමාජිකයින් 05 දෙනෙක්ට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

මෙම පුද්ගලයා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙක් වන අතර ඔහුගෙන් නිවැසි යන් ට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ.

මෙලෙස කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ එම පවුලේ සාමාජිකයින් අතර මාස 04 ක් වයසැති බිලිඳෙක් ද වන බවයි ඇයසඳහන් කලේ.

මේ හේතුවෙන් මෙම මස 10 වෙනිදා සිට විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට වහාම නිවසේදීම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ හරහා සිය පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බවද කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements