Featured News

Video Gossip

Advertisement

පසුගිය දින කිහිපය තුල අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බේරුවල ධීවර වරායේ තත්ත්වය මේවන විට  ඉතා යහපත් අතට හැරී ඇති බව වාර්තාවේ. වෙළඳුන් සහ තොග වෙළඳුන් දෙපාර්ශවයටම සහන සලසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද ක්‍රියාපටිපාටීන් ට අනුකූලව බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පද්මකුමාර මහතා විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.
මේ අනුව ධීවර වරායේ වෙළඳාම් කටයුතු ජුවම බහුදින දීවර යාත්‍රා හිමියන් සහ තොග වෙළඳ වූ අතර සිදුකළ අතර දිවයින පුරාම මාළු බෙදාහැරීම සඳහා පැමිණි තොග වෙළදුන් ඔවුන්ට අවශ්‍ය මසුන් තොග මිලදී ගන්නා ලදී. මෙම වැඩපිළිවෙළ නිරීක්ෂණය සඳහා ේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාද  බේරුවල ධීවර වරායට පැමිණ වර්තමාන තත්වය ගැන සොයා ඇති බව වාර්තාවේ  . මීට අමතරව ධීවර වරායේ කටයුතු නිසි ආකාරව පවත්වා ගැනීම සඳහා ස්ථානාධිපතිවරයා සහ පොලිස් නිලධාරින්ගේ සහයට විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද පැමිණ සිටින ආකාරය දක්නට ලැබිණි.

දැනට ආසාදිතයින් කිහිපදෙනෙක් හමුවී ඇති බේරුවල ප්‍රදේශයේ ඇදිරි නීතිය අකුරටම ක්‍රියාත්මක වෙමින් පවතින බවද නගරය සහ අවට ප්‍රදේශවල පොලිස් මුර සංචාර මගින් ඉතා හොඳින් ආවරණය වන බවද දක්නට ලැබෙන අතර, රාජ්‍ය ඔසුසල ආදී ස්ථාන වලට 
රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ප්‍රදේශය පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements