නියෝග නොතකා හොරොව්පොතානේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙය පවත්වලා - පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට
පවතින ඇඳිරිනීතිය සහ අවදානම් තත්ත්වය නොසලකමින් (27) සිකුරාදා දේව මෙහෙයකට සහභාගීවු හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හොරොව්පොතාන පොලිසිය කියයි.
හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ හැත්තෑවකට ආසන්න පිරිසක් අද (27) දහවල් දේව මෙහෙයක නිරතව සිටින බවට හොරොව්පොතාන පොලිසියට තොරතුරු ලැබී තිබිණ.


