Advertisement

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන රෝගීන් ඇතුළත් කිරීම සඳහා අයි.ඩී.එච්. රෝහල වෙනුවට වැලිකන්ද ප්‍රදේශයේ අලුතින් ​රෝහලක් ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් ඇතුළත් කිරීම සඳහා අලුතින් රෝහලක් ආරම්භ කිරීමට කටයුතු යෙදූ බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවන කොවිඩ් 19 ආසාදිතයන් අයි.ඩී.එච්. ​රෝහල වෙත නොයැවීමට තීරණය කර ඇඇති අතර එම ​රෝහලේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම නව රෝහල ස්ථාපිත කිරීමට හේතුවයි.

මෙතෙක් කොවිඩ් වෛරසය ආසාදනය වූ දහඅට දෙනාගෙන් එකොළොස් දෙනෙකුම කන්දකාඩු ඇතුළු නැගෙනහිර නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වූ අතර ඔවුන්ගෙන් බහුතරයක් අයි.ඩී.එච්. රෝහලට යොමු කෙරුණා.

අලුතින් ඉදිවන රෝහලේ හතළිස් හතරදෙනෙකුට ප්‍රතිකාර කළ හැකි බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements