Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දඹුල්ලෙදි  වෛද්‍යවරයා උගුරේ සෙම් ගෙඩි හටගෙන ඇති බව පැවසුවා
කොළඹදි වෛද්‍යවරයා පළමුව කිවේ වහාම IDH රෝහලට ඇතුළත් වෙන්නයි
මගේ දරුවා අධ්‍යාපනය ලබන පාසලේදී යම් සිදුවීමක් වී තිබුනා.
ඒ ගැන මා දුකට හා පුදුමයට පත්වෙනවා


නව කොරෝනා රෝග ලක්ෂණයක් යමෙකුට වැළඳී ඇත්නම් ඊට බියවී සැඟවී නොසිට වහා රජයේ රෝහලකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගතහොත් දිවි බේරා ගැනීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ පළමු ලාංකික කොරෝනා රෝගියා වූ මත්තේගොඩ රණවිරු රෝහණ මාවතේ පදිංචි ජයන්ත රණසිංහ මහතා පැවසීය.

මෙහිදී සෞඛ්‍ය බලධාරීන් ලබාදී ඇති ආරක්‍ෂිත ක්‍රමවේදයන්ද භාවිත කරමින් මෙම අදහස් හුවමාරු කර ගැනිණි. එහිදී ජයන්ත රණසිංහ මහතා ලැබූ අත්දැකීම් අප සමඟ මෙසේ පැවසීය....
"මගේ වෘත්තීය විදේශීය සංචාරකයින්ට මාර්ගෝපදේශනය සිදු කිරීම, ඒ අනුව මම ඉකුත්දා ඉතාලියෙන් පැමිණ සංචාරකයින් පිරිසක් සමඟ සංචාරයක නිරත වුනා. එහිදී පළමුව මගේ උගුරේ සුළු ආසාදනයක් ඇති වුනා. ඒ වෙලාවේදී මා දඹුල්ල පරදේශයේ පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත්තා. එහිදී වෛද්‍යවරයා මා වෙත පැවසුවේ උගුරේ සෙම් ගෙඩි හටගෙන ඇති බවයි. ඒ අනුව එදින වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සීගිරිය තරණය කොට පැමිණ පසුදා මහනුවර බලා පිටත් වුනා. එහිදී උදෑසන අසාදන තත්වයක් නොතිබුනත් එදින රාත්‍රියේ මට අමාරු වුනා. එහිදී තමයි මට උණ වැළඳුනේ. බෙහෙත් බිව්වත් උණ අඩුවුණේ නැහැ. ඒ හැම වෙලාවකදීම මට ඇඟට අමාරුයි. හිරු එළියට වී සිටීමට අවශ්‍යයි වගේ. මේ නිසා මට එන්න එන්නම අමාරු වුනා. ඒ වෙලාවේදී මම තවත් මිතුරෙකුට (රියැදුරෙකුට) කතා කර කොළඹට පැමිණියා.


ඉන් පසු මම පෞද්ගලික වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා. ඔහු මට පළමුව කිවේ වහාම IDH රෝහලට ඇතුළත් වන ලෙසයි.ඒ අනුව මා ඉකුත් 10 වනදා රෝහලට ඇතුළත් වුනා. එහිදී තමයි මා දැනගත්තේ මට වැළඳී තිබෙන්නේ මේ භයානක රෝගය වන නව කොරෝන රෝගය බව. ඇත්තටම මට මේ වෙලාවේදී මරණ බිය ඇති නොවුනා කිව්වොත් ඒක බොරුවක්. එත් මා අදහන බුදු දහම පිළිබඳව මා දැඩි විශ්වාසයකින් සිටියා ඉන් මට යහපතක් සිදුවෙයි කියා. ඒ අනුව මා හට IDH රෝහලෙන් ලබාදුන් ප්‍රතිකාර අනුව මට දිනෙන් දින සුවය ලැබෙන බව දැනගන්නට ලැබුනා.

"ඇත්තටම IDH රෝහලේ අධ්‍යක්ෂක හසිත අත්තනායක මහතාගේ උපදෙස් හා මග පෙන්වීම් යටතේ මා හට දුන් ප්‍රතිකාර පිළිබඳව අතිශයින් පැහැදීමට ලක් වුනා. පෞද්ගලික සේවයට නොදෙවෙනි නවීන තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මෙම ප්‍රතිකාර මා හට ලබාදුන්නා. ඇත්තටම ප්‍රතිකාර ක්‍රමයක් හෝ ඖෂධ සොයාගෙන නොමැති මෙම රෝගය මට වැළඳීමත් සමඟ ජීවිතයත් මරණයත් අතර කල් ගෙවමින් සිටි මා හට යම් ජීවයක් ලැබුනේ මේ රෝහලේ ප්‍රතිකාර වල සාර්ථකත්වය නිසාමයි."

"දැනට මම වසර 12ක සිට දියවැඩියාව රෝගයට ප්‍රතිකාර ලබාගන්න නිසා සුව වෙන්න යම් ප්‍රමාදයක් වුණා. එහෙම නොවුනානම් මීට කලින් මට සුවය ලබන්න තිබුනා." 

"රෝහලේදී මා තනි කාමරයක තමයි නවත්තල තිබුනේ. එහි සියලු පහසුකම් තිබුනා. පසුව රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ මා ඉහළ මාලයේ වෙනම තැනක නවාතැන් ගැන්වූවා". 

එහිදී අහාර පාන සාමාන්‍ය විදියට තමයි මට ලැබුනේ. එහි කිසිම වෙනසක් තිබුනේ නැහැ යයි ජයන්ත රණසිංහ මහතා අප හට පැවසීය. 

මෙහිදී තවදුරටත් අදහස් පළකරමින් ජයන්ත රණසිංහ මහතා මෙසේද කීය...

"ඇත්තටම මා රෝගී වුණාට පස්සේ මගේ දරුවා අධ්‍යාපනය ලබන පාසලේදී යම් සිදුවීමක් වී තිබුනා. ඒ ගැන මා දුකට හා පුදුමයට පත්වෙනවා. ඇයි මෙහෙම ශ්‍රී ලාංකිකයෝ හැසිරෙන්නේ කියලා. නමුත් මේ වෙලාවේදී මගේ නිවස අවට පිරිස, ඥාතීන්, හිතවතුන්, මාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තනි නොකොට ඔවුන්ගේ ආත්ම ශක්තිය වර්ධනය කර ගැනීමට කටයුතු කර තිබුනා."

"එසේම ආරක්ෂක අංශවලින් සෞඛ්‍ය අංශ වලින් සිවිල් සංවිධාන හා ආගමික නායකයින්ගෙන් මටත් නිවැසියන්ටත් ලබා දුන්නේ අතිශයින් මිල කළ නොහැකි සහයෝගයක්. ඒ පිළිබඳ ව මා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ වන විට ඖෂධයක් නිශ්චිතවම සොයාගෙන නැති රෝගයක් වුවත් මෙම කොරෝනා රෝගය සුව කිරීමට අපේ සෞඛ්‍ය අංශ පොහොසත්. ඒ නිසා මේ භයානක අත්දැකීම ලබපු මා මේ ව්‍යසනකාරී මොහොතේදී රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රෝගයට බිය වෙන්න එපා. යම් රෝග ලක්ෂණයක් ඇතිනම් වහාම සෞඛ්‍ය බලධාරීන් හමුවී උපදෙස් ලබා ගන්න. මෙය සුවකළ හැකි රෝගයක්. එහෙත් ඔබ නොසැලකිලිමත් වුවහොත් ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවනු ඇත."

පන්නිපිටිය - හෂාන් පුෂ්පික

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook