Featured News

Video Gossip

Advertisement

වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා දෙගුණයක් වැඩි මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ අන්තර්ජාලය හරහා අලෙවි කළ කප්රුක ආයතනය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සමඟ අද (25) කිරුළපන පිරි එම ආයතනය පරික්ෂාවට ගොස් තිබේ.

ඒ වන විටත් භාණ්ඩ 5000ක් පමණ අලෙවි කිරීමට සකස් තිබුණු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ. 


ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මෙම කාලය තුළ පාරිභෝගික අධිකාරියේ වෙබ් අඩවියට එවැනි පැමිණිලි ඉදිරිපත් කිරීමේ පහසුකම් සලසා ඇති හෙයින් එවැනි පැමිණිල්ලකට අනුව මෙම ආයතනය පරීක්ෂාවකට පැමිණ තිබුණි. 

පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති කප්රුක ආයතනයට මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරියේදී නඩු පවරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ.ඒ.ජසූර් මහතා සඳහන් කළේ.

දැනට වැඩි මිලට අලෙවි කර ඇති භාණ්ඩවලට අදාළව නැවත බිල් සකස් කර වැඩියෙන් අයකර තිබෙන මුදල් යළි එම පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙසද කප්රුක ආයතනයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උපදෙස් දී තිබේ.

රුපියල් 100යේ සමන් ටින් එක රු.550කටත්,පාන් පිටි 1kg රු.350කටත් කප්රුක ආයතනයෙන් අලෙවි කර තිබුණි. එපමණක් නොව සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවතින මිලට වැඩ වැඩි මිලට කප්රුක ආයතනයා විසින් පාරිභෝගිකයන්ට ලබා දී තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements