ගුවන් ගමන් අත්හිටුවා තිබියදී ලාංකිකයන් 5000කට කුවේටයෙන් පිට වන්නයි නියෝග -රෝහල්වලට ගැනීමත් තහනම් කරලා
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Kuwait
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
සියලු ගුවන් ගමන් නතරකර තිබියදී වීසා නොමැති සියලුම ශ්‍රී ලාංකිකයන්ට රටින් පිටව යන ලෙසට කුවේට් රජය නියෝග කර තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන් පන්දහසක් පමණ සිටින බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා.
කොවිඩ් 19 වෛරසය නිසා කුවේට් රජය මෙම තීරණය ගෙන ඇති අතර වීසා නොමැති සියලු ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා (අප්‍රේල් 01 වැනිදා) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ එරටින් පිට වන ලෙසට නියෝග කර තිබෙනවා.
වීසා නොමැතිව කුවේට්හි සිටින ලාංකිකයන් පොදු සමා කාලය තුළ පිටව නොගියොත් අත්අඩංගුවට ගෙන ඔවුන් තම රටින් පිටුවහල් කරන බවද කුවේටය දැනුම් දී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
වීසා නොමැති අය කුවේට් රජයේ රෝහල්වලට භාර නොගන්නා අතර පෞද්ගලික රෝහල්වලින්ද අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා නොදෙන බව තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සඳහන් කළා.

