Advertisement

මගේ නිරෝධායනය තව දවස් දෙකකින් ඉවර වෙනවා
මට ඕනනම් ආහාර බෙදන වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩ කරන්න එන්න පුලුවන්

කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම අපි හැමෝම ආදරය කරන චරිතයක්. මේක ඇහුවට පස්සේ ඒ ආදරේ තවත් වැඩි වෙන එක අනිවාර්යයි. මේ සටහන තිබුණේ ගොඩක් දෙනෙක් හොඳින් අඳුරන ඉලක්ෂ ජයවර්ධන කියන පොලිස් නිලධාරී මහතාගේ Facebook ගිණුමේ.

මේ එම සටහනයි..


උඹල මේ කතාව විශ්වාස කරයිද දන්නෙ නෑ..ඒත් මෙහෙම දෙයක් වුනා❤️

මීට ටික වෙලාවකට කලින් තලංගම පොලිස්තානයේ අපරාධ අංශයෙ ස්තානාධිපති තුමාගෙ ජංගම දුරකතනයට 'කුමාර් සංගක්කාර' කෝල් එකක් ගත්තා (සංගයි අපරාධ අංශයෙ ස්තානාධිපති si Amith Jayamaha කියන්නෙ මිතුරන් )

කෝල් එක අරගෙන සංගා කියනවා "මගේ නිරෝධායනය තව දවස් දෙකකින් ඉවර වෙනවා.ඊට පස්සෙ පොලිසියෙන් කරන මිනිස්සුන්ට ආහාර බෙදන වැඩකට සම්බන්ද වෙන්න කැමතියි.මට ඕනනම් ආහාර බෙදන වාහනයක ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩ කරන්න එන්න පුලුවන්" කියලා.

මේ දෙබස් ටික මට හොඳට ඇහුනා.ඒත් මම ආයෙත් ඇහුවා සංගා ඩ්‍රයිවර් කෙනෙක් දෙන්නම් කියලද කිව්වෙ කියලා.අපරාධ අංශයෙ ස්තානාධිපතිතුමා කිව්වා "නෑ බන් සංග ඩ්‍රයිවර් කෙනෙක් විදියට වැඩට එන්නම් කියල කිව්වේ" කියල.එහෙම කිව්වම මට ඇහුන දේ තහවුරු වුනා.

මට ඒ කාතාව ඇහුවම හිතට හරි අමුතු හැඟීමක් දැනුනා.මේක බුකියෙ ලියන්න මුලින්ම හිතුනෙ නෑ.ඒත් මෙහෙමත් හදවත් තියෙන මිනිස්සු ඉන්නව නේද කියල දැනෙද්දි සංගට තිබුන ආදරය තව තවත් වැඩිවුනා.යන්තම් සල්ලි ටිකක් විතරක් එකතු කරගත්තු මිනිස්සුත් ආත්මාර්තකාමී විදියට හැසිරෙන වෙලාවක ධනය බලය කීර්තිය ඕනවටත් වඩා තියෙන මනුස්සයෙක් තමන්ගෙ ජීවිතෙත් අවධානමක දාගෙන මිනිස්සුන්ට පිහිට වෙන්න හිතන එකම කොච්චර දෙයක්ද????????

ප.ලි:- සංගා කරපු ඩොනේශන් ගැන කියන්න මම දන්නෙ නෑ.අර රටේ අරය මෙහෙම කර මෙයා මෙහෙම කරා කියන්න එන්නත් එපා.මට මේ වෙලාවෙ ඔහු ගත්ත තීරණය ගැන පුදුම ආදරයක් දැනුනා.ඒකයි මේක ලිව්වෙ❤️


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements