Advertisement


ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ. 

අද දෙරණ කළ විමසීමකදී විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස වෛරසය ආසාදනය විමෙන් මියගොස් ඇතිබවයි. 
අදාල පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද තොරතුරු වාර්තා වී ඇති බව ඇය සදහන් කළේය. 

ඒ අනුව එම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ්‍රී ලාංකිකයායි. 

ස්විස්ටර්ලන්තයේ මේ වන විට වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 10000 කට ආසන්න වී ඇති අතර, පුද්ගල මරණ 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදෙස් මාර්ග පවසයි.

ස්විස්ටර්ලන්ත‍යේ සෞඛ්‍ය අංශ විසින් මහජනතාවට තවදුරටත් ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපඳින්නැයි උපදෙස් ලබා දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements