Advertisement

මෙරටින් හමුවූ නව කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි ඞී එච් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

නව කොරෝනා වෛරසය ආසාදිත බවට එලෙස හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ මත්තේගොඩ ප‍්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙක්.

මේ අතර මේවනවිට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 86 ක් වන අතර සුවය ලබා ඇති පුද්ගලයින් ගණන දෙදෙනෙකු වනවා. ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයා වූයේ චීන ජාතික කාන්තාවක්.

ඇය ද සම්පූර්ණයෙන් සුවය ලබා මීට පෙර අයි ඞී එච් රෝහලෙන් පිටව ගියා.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements