අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන එජාප උප නායක හිටපු මුදල් ඇමැති රවී කරුණානායක සැඟවී සිටින්නේ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ නිවසේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුව පැවැති කාලයේ දී ද වත්මන් ආණ්ඩුව හොරුන් සැඟවී සිටියේ එජාප ආණ්ඩුව තුළ බව ද ඔහු සඳහන් කළේය.
රවී කරුණානායක හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ මහමැතිවරණය ඉලක්ක කරගෙන බවත් එය ජනතාව රැවටීමට රඟදක්වන නාට්‍යයක් බවත් ඔහු පැවසීය.
මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන තෙක් කිසිඳු නියෝගයක් නිකුත් කර නැති එම නාට්‍ය ඉතා පැහැදිලි බවද ඔහු සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව කිසිසේත්ම හොරුන්ට දඩුවම් නොවෙන බව පැහැදිලිව යයිද ඔහු තවදුරටත් පැවසුවේය.
හිටපු මන්ත‍්‍රීවරයා මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කරන ලදී.

