Featured News

Video Gossip

Advertisement

මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක්
ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුනා
අපි දැන් බඩු දීලා ඉවරයි " කියා දොර තදින් වැහුවා

කොරෝනා වලින් අපේ රට විතරක් නෙමේ ලෝකෙම බේරගන්න පෙරමුණේ ඉන්නේ වෛද්‍යවරු වගේම වෛද්‍යවරියන්.

අපි ඒ අය ගැනත් මේ වෙලාවේ ගොඩක් හිතන්න ඕන. ඒ අයටත් අපට පුළුවන් විදියට උදව් කරන්න ඕන. අන්න එහෙම හිතන මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් කිහිපදෙනෙක් නිසා ඒක දුක හිතෙන දෙයක් වෙනවා.

ඊයේ ඇඳිරි නීතිය ඉවත් කරපු වෙලාවේ සවස 2 ට කළින් බඩු ගන්න ආපු වෛද්‍යවරියකට වෙච්ච අසාධාරණයක් ගැනයි මේ...


මේක ඇයගේ වචන වලින්ම ඔබ දැනගන්න එක වටිනවා..

"වැලිගම රෝහලේ OPD එකේ වැඩ අවසන් වුයේ දහවල් 1.30 ට පමනවන අතර , අත්‍යාවශ්‍ය ආහාර ස්වල්පයක් ගැනීමට වැලිගම ස.තො.ස ට යද්දි 2 ට මිනිත්තු 5කි. ඇතුලේ බඩු ගන්න ආපු මිනිස්ස.

ස.තො.සේ දොර ලඟ සිටි සේවක මහතාට " මම වැලිගම රෝහලේ වෛද්‍යවරියක් බවත් , ලෙඩ්ඩු පිරී සිටි නිසා එන්න ප්‍රමාද වුන බවත්, බඩු ටිකත් ගන්න අවශ්‍ය බවත් " පැවසුවත් , 
"එලියට යන්න...එලියට යන්න...අපි දැන් බඩු දීලා ඉවරයි " කියා දොර තදින් වසා දැමුවෙිය.

මගේ සිතේ ඇතිවුනේ මහා කලකිරිමකි.

උදේ 6 සිට සවස 4 දක්වා කාලය තුලදී අත්‍යාවශ්‍ය සේවයේ යෙදි සිටින අපිට 2 ට පෙර ආහාර ද්‍රව්‍ය ගැනීමට පිටතට යා නොහැක.

අනිත් අතට අවම පහසුකම් යටතේ මෙවන් නොමිනිසුන් වෙනුවෙන් ජිවිත කැප කර සේවය කරන්නේ ඇයිද කියා අද මට සිතුන."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements