Advertisement

ඉතා අනාරක්ෂිත ලෙස ඇදීරිනීතිය අවස්ථාවේදී දිවා රාත්‍රී දෙකෙහිම නගරවල සැරිසරමින් ලොරි රථවල නැග විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින ගැබිනි කාන්තාවක් 08 දින දහවල් දඹුල්ල නගරයේදී අල්ලා රෝහල් ගත කිරීමට දඹුල්ල පොලිසිය පියවර ගනු ලැබීය.

පසුගියදා කන්තලේ ප්‍රදේශයේදී ද මේ ආකාරයෙන්ම ලොරි වල නැඟ විවිධ ස්ථානවලට යන කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම කාන්තාව ද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන ලොරි රථවලට නැඟ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව දඹුල්ල නගරයේදී දඹුල්ල පොලීසියේ නිලධාරීන් මෙම කාන්තාව පාගමනින් ගමන් කරමින් සිටියදී අල්ලාගනු ලැබීය.

විවිධ ප්‍රදේශවලට අනාරක්ෂිත ලෙස ගමන් කරන මෙම කාන්තාව ඉතා ආරක්ෂිතව 1990 ගිලන් රථය ගෙනවා දඹුල්ල රෝහලට රැගෙන යෑමට අවශ්ය පියවර දඹුල්ල පොලිසිය විසින් ගනු ලැබීය.

මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ඇයට හැඳුනුම්පතක් නොමැති බවත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක බවය.

මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී කියා සිටියේ ඇය ලොරි රථ වල ගමන් කරන බවත් තවත් කාන්තාවන් පිරිසක් ද මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය ලාංඡන යටතේ ගමන් කරන ලොරිවල නැඟ යන බවය.

කෙසේ වෙතත් මෙම කාන්තාව එක ලොරියක පමණක් ගිය බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේ වෙතත් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම කාන්තාව ද දැඩි ආරක්ෂිතව දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.

දඹුල්ල කේ.කේ .ආරියදාස

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements