කොරොනා නිසා පකිස්ථානයේ සිරවූ 113ක් ලංකාවට ගෙන්වයි
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Pakistan
,
Sri lanka
,
web gossip
පකිස්ථානයට ගොස් යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයින් 113 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානය අද (21) දින සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ පාකිස්ථානයේ විවිධ පාඨමාලා සඳහා ගොස් සිටි යුධ, ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් නිලධාරීන් 82 දෙදෙනෙක් ද එම පිරිසට අයත් බවයි. ඔවුන් සිය පාඨමාලා අවසන් කොට මාසයකට කාලයක් එරට රැඳී සිටිය බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.
මෙලෙස පැමිණෙන සියලු දෙනාම නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




