මානව හිමිකම් උපදේශක පොහොට්ටු මන්ත්‍රී දැරියකට අතවර කරලා මාට්ටු - අත්තඩංගුවට ගන්නයි ගම්වාසීන් විරෝධතාවයක්
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Pohottuwa
,
Sri lanka
,
web gossip
මන්ත්‍රිවරයා මානව හිමිකම් උපදේශක වරයකු වශයෙන් කටයුතු කරනවාලු
අවුරුදු 12ක් මාස 8ක් වයසැති දැරියක්
තණමල්විල ප්‍රාදේශිය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු ඇතුළු පස් දෙනෙකු 12 හැවිරිදි මන්දමානසික දැරියක් අතවරයට ලක්කිරිම පිලිබදව සෙවනගල පොලිසිය ඊයෙ [6] පරික්ෂණ ආරම්භ කර දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සෙවනගල කිරිඉබ්බන් වැව කැටගල් ආර ගම්මානයේ මන්ද මානසික වයස අවුරුදු 12ක් මාස 8ක් වයසැති දැරියක් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහවැලි අධිකාරියේ රියදුරු මහතෙකු දැරියගේ ඥාති සොහොයරකු සීයා කෙනෙකු තවත් පාසල් යන සිසුවකු සහ ව්‍යාපාර මහතෙකුගේ සේවකයෙකු විසින් දැරිය කලක් තිස්සේ විටින් විට කිපවරක් අතවරයට ලක්කර ඇත. මෙම ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මානවහිමිකම් උපදේශක වරයකු වශයෙන් කටයුතු කරනු ලබයි.
දැරියගේ පියාට සහ සොහොයුරකුට මේ බව දැනගැනිමක් සමග දැරිය හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත. එහිදී රෝහල් පොලිසිය විසින් සෙවනගල පොලිසියට කරන ලද දැන්විමට අනුව මේ වන විට දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහවැලි අධිකරනයේ රියදුරා ඇතුළු අනිත් දෙදෙනා පොලිසිය මගහැර සැගවි සිටි.
මේ පිළිබද ප්‍රදේශවාසින් ඊයේ 7 වනදා කිරිඉබ්බන් වැව කැටගල් ආර හන්දියේදී විරෝධය දක්වමින් වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ගම්වාසින් සියලු දෙනා එකතු කොට දැඩි විරෝධතාවයක් පවත්වන බව කියා සිටියේය.මේ පිලිබදව සෙවනගල පොලිසියෙන් විමසුවිට කියා සිටියේ මේ වන විටි දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් අය ගැන තමන්ට කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවත් වෛද්‍ය වාර්තාව ලැබුනු පසු ඉදිරි කටයුතු සිදු කරන බවයි.සෙවනගල එස් කුට්ටපිටිය

