Featured News

Video Gossip

Advertisement

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඡේෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම සහ උපදෙස් මත සන්නද්ධ බලසේනාධිපති බ්‍රිගේඩියර් තාරක රත්නසේකරගේ අධීක්ෂනය යටතේ සන්නද්ධ බලසේනාව විසින් නිශ්පාදනය කරනු ලැබූ විශේෂ විශබීජාණුහරන කුටියක් (special disinfection chamber) සහ ආරක්ෂක ඇඳුම් කට්ටල 30 ක් අද දින (7.03.2020) කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත භාරදීම අද සිදු කරනු ලැබීය.


මෙම අවශ්‍යතාවය මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ යුද්ධ සාමාජිකයන් විසින් පැය හතලිස්අටක් වැනි කෙටි කාලයක් තුළ සකසන ලදහ.

දකුණ කොළඹ ශීක්‍ෂණ රෝහල වෙත පැමිණි මේජර් ජෙනරාල් ලියනගේ විසින් රෝහල් බලධාරීන් සමඟ කෙටි සාකච්ඡාවක නිරතවීමෙන් පසු මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගය භාර දෙන ලද අතර, ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් විසින් පුද්ගලික ආරක්ෂාව සඳහා භාවිතා කළ හැකි තවත් පුද්ගලික ආරක්‍ෂක උපකරණ කට්ටල 14 ක් අද උදෑසන ඩි සොයිසා මාතෘ රෝහල වෙත ද පරිත්‍යාග කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තාරක රත්නසේකර, ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා මධ්‍යස්ථාන සේනාවිධයක බ්‍රිගේඩිර් සුමිත් දේවප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements