හැටන් දේවගැතිටත් කොරෝනා - සැක පිට පවුල් 200ක් සිටින ගමක්ම නිරෝධායනයට
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Hatton
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
හැටන් දික්ඔය දරවල වත්ත පහල කොටසේ වතු කම්කරු පවුල් 200 ක් පමණ ඊයේ (31) දින සිට දින 14 ක දැඩි ස්වයං නිරෝධානයකට යොමු කල බව අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ක්‍රිෂාන් පේමසිරි මහතා සඳහන් කළා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වු දේව ගැතිවරයෙක් පසුගිය දා හැටන් දික්ඔය ප්‍රදේශයේ දේවස්ථානයකට පැමිණි දේව යාඥාවක් පවත්වා ආහාර මලු බෙදා දි එම දේවගැතිවරයා දිවයිනෙන් බැහැරව යාමෙන් පසු ඔහුට කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට තහවුරු වි තිබුණා.
එම දේවස්ථානයේ රැදි සිටින කිහිපදෙනෙකු මේ වන විට සෞඛ්‍යය අංශ විසින් ස්වයං නිරෝධානයකට යොමු කර ඇති අතර , එම දේව මෙහෙයට සහ ආහාර මලු ලබා ගැනිමට පැමිණි පිරිස හදුනාගත නොහැකි නිසා එම ප්‍රදේශයට වෙලදකලාප වල සහ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සේවය කරමින් සිටි වතුකරයේ තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ ඇති නිසාත් , එම පවුල් දැඩි ස්වයං නිරෝධානයට යොමු කල බව ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා සඳහන් කළා,.

