ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලයේ ගාල්ලේ හදිසි මරණ 30ක්
derana gossip
,
Galle
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
කොරෝනා මර්දනය වෙනුවෙන් ඇදිරි නිතිය ක්‍රියාත්මක ලද 2020 අප්‍රේල් මාසය තුල ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පමණක් හදිසි මරණ තිහක් (30) වාර්තා වන බව ගාල්ල පොලීසියේ ලේඛන වල සදහන් වේ.
ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ මෙසේ මියගිය පදිංචිකරුවන් වැඩි පිරිසක් දියවැඩියා රෝගීන්, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් හා හෘද රෝගීන් වන අතර ඔවුන් වයස අවුරුදු 40 – 80 ත් අතර අයවලුන් වේ. ගාල්ල පොලිස් බල ප්‍රදේශය තුල සියළු හදිසි මරණ පරීක්ෂණයන්ට අදාල පොලිස් රාජකාරි සදහා සහභාගි වන්නේ ගාල්ල පොලීසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරීන් වන අතර අතර එම අංශයේ නිලධාරියෙකුද මෙම තත්ත්වය වැඩිදුරටත් සනාථ කළේය.
මාර්තු මාසයේ මෙවැනි හදිසි මරණ දෙකක් පමණක් වාර්ථා වු බවත් අප්‍රේල් මාසයේ එය 30 ක් ලෙස විශාල වශයෙන් වැඩි වූ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කළේය. මෙසේ හදිසි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යෑමට හේතුව වී ඇත්තේ රෝගීන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා ගැනීම සදහා රෝහල් වල පැවැත්වෙන සායන වලට සහභාගි වීමට හා ඖෂධ ලබා ගැනීමට නොහැකි වීම නිසා බව ඔවුන්ගේ ඥාතීහු ප්‍රකාශ කරති. රෝහල් වල බොහෝ සායන නොපැවැත්වීම මෙන්ම ඖෂධ හල් වසා තැබීම වැනි හේතුන් මෙයට තදින් බලපා ඇති බවද මියගිය අයගේ ඥාතීන් හදිසි මරණ පරික්ෂණ උසාවි වලදී ප්‍රකාශ කර තිබෙන බව මේ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආශ්‍රිතව කරන ලද සොයා බැලීම් වලදී තහවුරු කර ගැනීමට හැකි විය.
මෙම තත්ත්වය මත 2019 වසර අප්‍රේල් මාසය වන විට සිදුව තිබූ හදිසි මරණ සංඛ්‍යාවට වඩා 2020 අප්‍රේල් මාසය අවසන් වන විට හදිසි මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යැ හැකි බවද ගාල්ල පොලීසිය කියයි.
ගාල්ල පොලිස් බල ප්‍රදේශයට ගාල්ල නගරය අයත් වන අතර ඒ ආශ්‍රිතව ගාල්ල, කරාපිටිය හා මහ මෝදර ඇතුළු රජයේ රෝහල්, ගාල්ල සමූපකාර, සදර්න් ඇතුළු පෞද්ගලික රෝහල් මෙන්ම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තිබෙන අතර එය ගාල්ල දිස්ත්‍රික්කයේ වෙනත් පොලිස් බල ප්‍රදේශ වලට සාපේක්ෂව සෞඛ්‍යය පහසුකම් අතින් ඉතා හොද තත්ත්වයකි. එසේ තිබිය දී ගාල්ල පොලිස් බල ප්‍රදේශයෙන් මෙවැනි ඉහළ හදිසි මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් ලංකාවේ වෙනත් පොලිස් බල ප්‍රදේශවලින් ඉදිරියේදී එවන් මරණ සංඛ්‍යාවක් වාර්තා නොවන අයුරින් කටයුතු කිරීමට රජයේ බලධාරින්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවත් ගාල්ලේ මරණයට පත් රෝගීන්ගේ ඥාතිහූ ප්‍රකාශ කරති.
මේ සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක කපිල ජයම්පති ද සිල්වා මහතාගෙන් කල විමසීමේ දී ඔය කියන සංඛ්‍යා ලේඛන ඇති මරණ සංඛ්‍යාවක් ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ සිදු වි ඇති බව විවිධ පැමිණිලි අංශයේ සටහන් වි තිබෙන බවත් ඊට හේතුව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
– ජයකාන්ත ලියනගේ, බළපිටිය

