Featured News

Video Gossip

Advertisement

තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණයට අවම සීමාවක් 
තැන්පතුව කල්පිරුණු ශ්‍රී ලංකාවෙන් බැහැර ගෙන යාමටත් අවසර


රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වා දී තිබෙනවා.

එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇති අතර නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ද්විත්ව පුරවැසියන්ට, සෙසු රාජයන්හි වෙසෙන ශ්‍රී ලංකා සම්භවයක් සහිත පුද්ගලයන්ට, ශ්‍රී ලංකාවෙන් බැහැර අන්‍ය ජාතිකයන්ට ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්, ව්‍යාපාරික ආයතන සහ සම්ගම්වලට සහ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අන් ඕනෑම කෙනකුට තමන් තෝරා ගන්නා බැංකුවක විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට පිළිවන.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය විසින් අප්‍රේල් 08 වැනිදා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කර ඇති නිවේදනයෙහි නව තැන්පතුවට අදාළ රෙගුලාසි ඇතුළත් කොට තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් බැහැර විදේශ මුදල් තැන්පතු හෝ ආයෝජන පවත්වාගෙන යන සමස්ත ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාවට, සමාගම් හිමිකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය පතන සියලු දෙනාට සිය බැංකුවලට උපදෙස් දීමෙන් තමන් සතු අරමුදල් ශ්‍රී ලංකාවට ප්‍රදර්ශනය කළ හැකි බව එහි සඳහන් .

නව ගිණුමෙහි තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණයට අවම සීමාවක් නැත.

තැන්පතුවක අවම කාලය මාස 06ක් වන අතර සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවන පොලියට වැඩි පොලී අනුපාතයක් තැන්පතුව කල්පිරීමේදී ගෙවනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව මාස 06ක විශේෂ තැන්පතු ගිණුමකට 1% ක සහ මාස 12 තැන්පතුවකට 2% ක වැඩිපුර පොලියක් හිමි වෙනවා.

තැන්පතුව කල්පිරුණු විට එහි ඇති මුදල් බාධාවකින් තොරව වෙනත් මුදලකට පරිවර්තනය කිරීමටත්, ශ්‍රී ලංකාවෙන් බැහැර ගෙන යාමටත් අවසර ඇත.

සියලු තැන්පතු බදුවලින් සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ.

ගිණුම් හිමියනට ලැබෙන වැඩිදුර ප්‍රතිලාභ සහ ඊට අදාළ නෛතික ප්‍රතිපාදන 2020 අය වැය ලේඛනයෙන් හඳුන්වා දෙනු ඇති.

ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්රෝනනර්, ස්විට්සර්ලන්ත ෆ්රැනන්ක්, කැනඩා ඩොලර්, හොංකොං ඩොලර්, ජපාන යෙන්, ඩෙන්මාර්ක් ක්රෝැනර්, නෝවේජියානු ක්රෝරනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් විශේෂ ගිණුමට භාරගන්නා මුදල් වර්ග වනවා.

විශේෂ තැන්පතු ගිණුම් පිළිබද වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රී ලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමට පිළිවන.

COVID 19 නිවාරණ සහ සමාජ සංරක්ෂණ ප්‍රවේශයට පිටිවහලක් වනු පිණිස මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු ශ්‍රී ලාංකිකයනට ආරාධනා කර සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements