Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. 

සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 14 අඟහරුවාදා උදේ 6.00 ට ලිහිල් කොට සවස 4.00ට යළි පනවන බව කළින් නිවේදනය කළද, දැන් එය වෙනස් කර ඇත. 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙනි. එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී 

භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයනට පමණක් සීමා කරන මෙන් රජය තවදුරටත් ඉල්ලා සිටී. 

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත. 

කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත. 

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. 

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ. 

කවර හෝ දිස්ත්‍රික්කයක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements