Advertisement

රටේ පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමත් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත බව පිලිබදවත් සැලකිල්ලට ගෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ආර්තික මධ්‍යස්ථාන කීපයක් දින නියමයකින් තොරව වසා දැමීමට රජය තිරනය කර ඇත.

ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාණය හා උඩරට එළවලු අලෙවි ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකෙන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර ඇති බව එම වෙළඳ සංගම්වල සභාපතිවරු ප්‍රකශ කරති.

ගොවීන්ගේ අස්වනු අලෙවි කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යාපාරිකයින් මාර්ගයෙන් රජය විසින් එළවලු සදහා දැනට නියම කර ඇති කිලෝවක උපරිම මිල ගණන්වලට මිල නියම කර ඇති බවත් එම මිලට තවත් අමතර රුපියල් 30 එකතු කර සියලු කෘෂි නිෂ්පාදන පාරිභෝගිකයින්ට සිල්ලර මිලට අලෙවි කිරීමේ යාන්ත්‍රණයක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසුරිය මහතා පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements