මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ලාංකික සූපවේදියා කොළඹ වරායට - පුර්ණ විෂබීජ හරණයෙන් අනතුරුව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට [VIDEO]
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකික තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කර්මාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ එම තරුණයා සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බවයි.
ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ රැදී සිටි අදාල තරුණයා කොළඹ වරායේදී තමා ලංකාවට භාරගැනිමට පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විඩියෝ පටයක් නිකුත් කරමින් රජයේ බලධාරින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබුණි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් එම තරුණයා කොළඹ වරායට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගත් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
විෂබීජ හරණ ක්‍රියාවලියකට ලක් කිරිමෙන් අනතුරුව ඔහු දින 21ක නිරෝධායන කාලසීමාවක් සදහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට පියවර ගත් බව ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
👉කොරෝනා රෝග ලක්‍ෂණ තියනවනම් 1390 අංකයට දැනුම් දෙන්න.- 👯♀️මිටරෙන් ඉන්න. - 😷 මුඛ ආවරණයක් පළදින්න
👉කොරෝනා රෝග ලක්‍ෂණ තියනවනම් 1390 අංකයට දැනුම් දෙන්න.- 👯♀️මිටරෙන් ඉන්න. - 😷 මුඛ ආවරණයක් පළදින්න
