Advertisement

කොරෝනා වැළඳෙන්නට ඇත්තෙ ගුවන්තොටුපලේදි
සමාජ මාධ්‍යවල යන්නෙ බොරු

කොරෝනා නිසා පසුගියදා ජීවිතය හැර ගිය 4 වැනි ශ්‍රී ලාංකිකයා වූ රත්මලාන වෙඩිකන්ද පාරේ විසූ 58 හැවිරිදි මාරියෝ හේමාල් සිල්වා මහතා පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ වැරදි ආරංචි ගැන කණස්සල්ලට පත්වන බවත් ඔහු අන් අයට රෝගය බෝ කළ අයෙකු නොවන බවත් ඔහුගේ ඥාති දියණියක විසින් දීර්ඝ ෆේස් බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාවේ වෙලන්කන්නි කතෝලික පල්ලියේ වන්දනා ගමනකට සිය බිරිය සමග ගිය හේමාල් මහතා නැවත ලංකාවට ආ අවස්ථාවේකටුනායක ගුවන් තොටුපළේදී ඉතාලියේ සිට නිරෝධායනයට අකමැත්තෙන් කලහ කළ පිරිසට මැදිවන්නට සිදුවූ බවටත් ඒ අනුව රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවටත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. 
මෙහිදී හේමාල් මහතාගේ බිරියටද රෝගය වැළඳුණ නමුත් ඇය පසුව සුවය ලැබුවා.

ඥාති දියණිය පවසන පරිදි ඉන්දීය සංචාරය අතර එකම පිරිසක් සමග මේ දෙන්නා එහාමෙහා ගිය බවත් ඒ පිරිසේ කිසිවෙකුට කොරෝනා වැළඳී නැති බව තහවුරු කරගත් බවත් පැවසෙනවා.

එබැවින් ගුවන් තොටුපළේ සිද්ධිය නිසා ඔහුට කොරෝනා වැළඳෙන්නට ඇතැයි තමන් අනුමාන කරන බවයි. කෙසේ වෙතත් රෝගය ගැන සැලවූ මුල් අවස්ථාවේ සිට ඔහු නිසි පියවර ගත් බවත් යම් යම් විද්‍යුත් මාධ්‍ය හා ඇතැම් සමාජ මාධ්‍ය මගින් හේමාල් මහතා රෝගය පතුරුවමින් ගිය බවට කළ චෝදනා අසත්‍ය බවත් ඒ ගැන කණගාටුවන බවත් ඇය දන්වා තිබෙනවා.

එම සටහන පහතින් දැක්වෙනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements