Featured News

Video Gossip

Advertisement

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නම් මැයි මස 15 වන දින වන විට වත් කොරෝනා පාලනය කර රට සාමාන්‍ය තත්වයට පත්වී තිබිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ නිර්දේශය තවත් අත්‍යවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණයක් පැවැත්වීමක් නම් රට සාමාන්‍ය තත්ත්වයට පත්වී දින 35 ක් වත් ගත විය යුතු බවද ඔහු පැවසීය.

ජුනි 20 දින මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි යැයි කොමිසම මෙතෙක් තීරණය කර නැති බවත් දැනටමත් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරගෙන යමින් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මැතිවරණයක් කල්දැමීම හිතකර තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍යමය අර්බුදය විසඳා ගත නොහැකි වුවහොත් පමණක් අකමැත්තෙන් වුවද මැතිවරණය වෙනත් දිනයක පැවැත්වීමට සිදුවන බවද ඔහු තවදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements