Featured News

Video Gossip

Advertisement

නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කල නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරය (29) දින සම්පුර්ණයෙන්ම වසා දැමිමට කටයුතු කල බව නාවලපිටිය වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

නාවලපිටිය පොලිසිය සහ වෙලද සංගමයේ සමාජිකයන් සමග (28) දින සාකච්ඡා කර මෙම තිරණය ගත් බවත්, නාවලපිටිය නගරයේ වෙලදසැල් හතරකට කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකු පැමිණ ඇති බවටත්, තොරතුරු සනාථ විමෙන් අනතුරුව නාවලපිටිය නගර සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කිරිම සදහා සියළුම වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි වෙලද සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.


නාවලපිටිය නගර වසා දැමිමත් සමග නාවලපිටිය නගරයට පිවිසෙන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථ (29) දින ධාවන කටයුතු වලින් ඉවත් වි ඇත.

නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශවල පදිංචිව සිටි වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබළුන් දෙදෙනා නාවික හමුදාව විසින් මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර වෙත රැගෙන ගොස් ඇති අතර , එම ගම්මාන දෙකේම පවුල් 8 කට අයත් සමාජිකයන් 34 දෙනෙකු යුධ හමුදාව විසින් මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට වව්නියාව පම්පෙයිමඩු නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

තවද එම ගම්මාව දෙකේම පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති අතර , වෛසරය අසාධනය වු එක් නාවික හමුදා සෙබලෙකු පැමිණියේ යැයි කියන වෙලදසැල් හතරක්ද සම්පුර්ණයෙන්ම දින 14 වසා දැමිමට සෞඛ්‍යය අංශ කටයුතු කර තිබුණි.

නාවලපිටිය දෙකිද අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශ නාවලපිටිය පොලිසියේ නිලදාරින් විසින් (28) දින විෂබිජහරණයට ලක් කරන ලදි.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements