Featured News

Video Gossip

Advertisement

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඇදිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පස්වරුවේ මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

පිළියන්දල ප්‍රදේශයේ සිට කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හමුවීමට අවශ්‍ය බව එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

එම අවස්ථාවේ ඔහු සන්තකයේ වලංගු ඇදිරි නීති බලපත්‍රයක් නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විමසීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ එහිදී එම ස්ථානයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කරමින් අදාල පුද්ගලයා තම නිවාස සංකීර්ණය වෙත රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි.

ඒ අනුව ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබල දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලිස් ස්ථානයේ නිළධාරීන් ඊයේ රාත්‍රියේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වෙත පැමිණියේය.

අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා මිරිහාන පොලීසිය වෙත රැගෙන ආවේය.

පසුව ඔහු අද දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔහු අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අ‍ධිකරණය නියෝග කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements