සජිත් සමග ගිය හිටපු එජාප ලොක්කෝ හයක් අකුලාගෙන නැවතත් එජාපයට එන ලකුණු - සාකච්ඡා ඇරබෙයි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sajith Premadasa
,
Sri lanka
,
unp
,
web gossip
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් දුරකතනය ලකුණ දරන සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හයදෙනක් හා මන්ත්‍රීවරු නවදෙනෙක් යළි එජාප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සිරිකොත ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙම සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිවයි.මහ මැතිවරණය කල් යාමත් සමග ඇතිව තිබෙන දේශපාලන පසුබිම පදනම් කරගනිමින් මොවුන් එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර තිබුණා.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව මෙම පිරිස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.

