Advertisement

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට හරියටම වසරක්. අවුරුද්දකට පස්සේ හැමෝම ආපහු ඒ ගැන කතා කරන්න පටන් අරන්. 

මිලේච්චත්වයට බිලිවුණ අහිංසක ජීවිත ගැන හැමෝගෙම හිත්වල ඇතිවුන දුක කණගාටුව තාමත් මැකිලා ගිහින් නෑ. සමහරවිට කවදාවත්ම මැකිලා යන එකකුත් නෑ. 

ඉතින් මේ පාස්කු ප්‍රහාරයට අවුරුද්දක් පිරෙන දවසේ ඔබට කියන්න තවත් සංවේදී කතාවක් අපිට තියනවා. ප්‍රවීන සුපවේදිනි ශාන්තා මායාදුන්නේත් ඇයගේ දියණිය නිසංගා මායාදුන්නේත් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය බව ඔබට මතක ඇති. 

නිසංගා මියයන්න කලින් ලියපු අපූරු ගීතයක් ඔන්න ජනප්‍රිය ගායන ශිල්පිනී උපේඛා නිර්මාණි ගායනා කරලා තියනවා. ඒ පාස්කු ප්‍රහාරයෙන් අවුරුද්දක් පිරෙන අද දවසේ නිසංගාව ආදරයෙන් සිහි කරන ගමන්. 

ගීතයේ නම "නුඹ ඇවිල්ලා". සංගීතවත් කරලා තියෙන්නේ ප්‍රියන්ත නාවලගේ. අහන්නකො එහෙනම් ගීතය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements