Advertisement

දෛනික අලෙවියට වඩා තුන්ගුණයක අලෙවියක්
මත්පැන් හිඟයක් ද නිර්මාණය වෙලා

දින තිහකට පසු මත්පැන් අලෙවිසල් ඊයේ (20) විවෘත කිරීමෙන් පසු ගාල්ල සහ වතුකරයේ මත්පැන් අලෙවිසල්වල වැඩිම අලෙවියක් සිදු වී ඇති බව සමස්ත ලංකා මත්පැන් අලෙවිහල් හිමියන්ගේ සංගමය පවසනවා.

මෙම ප්‍රදේශවල දෛනික අලෙවියට වඩා තුන්ගුණයක අලෙවියක් සිදුව ඇති බව එම සංගමයේ සභාපති අජිත් උඩුගම සඳහන් කළා.


මත්පැන් හල් විවෘත කිරීමෙන් පසු දිගු පෝලිම් දක්නට ලැබුණ අතර ඇතැම් ස්ථානවල සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොවූ බව ද වාර්තා වනවා.

කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ ප්‍රකාශ කළේ මත්පැන් නිෂ්පාදනය නතර වී ඇති බැවින් මත්පැන් හිඟයක් ද නිර්මාණය වී ඇති බවයි.

ඊට හේතු වී ඇත්තේ මත්පැන් නිෂ්පාදනාගාර බහුතරය බස්නාහිර පළාතේ පිහිටා තිබීමයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා එම කර්මාන්ත ශාලා විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර සේවකයින් කැඳවීම් ද ගැටලුවක් වී ඇති බව නියෝජ්‍ය කොමසාරිස් වරයා පෙන්වා දුන්නා.

මත්පැන් හල් විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන ඇතැම් සංගම් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් විරෝධය පල නොකරන්නේ මන්ද යන්න ගැටලුවක් බව ද ඔහු සඳහන් කළා.

මේ වන විට නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයින් පන්සියයක් අත්අඩංගුවට ගෙන ඇති අතර දින 30ක් පුරා මත්පැන් හල් වසා දැමීම නිසා සුරාබදු අහිමි වීමෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි පනහක් පමණ වන බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
gossip gossip lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements