කොළඹ අධි අවධානම් කලාපයෙන් හතක් යාපනයට පැනලා - අල්ලන්න මෙහෙයුමක්
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Jafna
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොරෝනා අධි අවධානම් කලාපය ලෙස නම් කොට ඇති කොළඹ ප්‍රදේශයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ලොරි රථවල නැගී අදාළ පිරිස අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
අදාළ පිරිස යාපනය වෙත රැගෙන පැමිණි ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර කොළඹ වසා දමා තිබු ප්‍රදේශවල රැඳී සිට හොර රහසේ පැමිණි පිරිස යාපනය ගුරුනගර්, පාසෙයූර්, නාවට්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම් හා සංකානෙයි ආදි ප්‍රදේශයන් වෙත පැමිණ ඇති බවද ආනාවරණය කොටගෙන තිබෙනවා.

