Featured News

Video Gossip

Advertisement

මළ සිරුරු බබලන විශේෂ ආරක්ෂිත කවර 1000ක් ඉල්ලා රතුකුරුසෙට ලිපියක්
කොරෝනා ආසාදනයෙන් මිය යන අයට පමණක් නෙවෙයි

මළ සිරුරු බබලන විශේෂ ආරක්ෂිත කවර 1000ක් ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රතුකුරුස සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වරයෙක් වන වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් එම ලිපිය යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරයා සඳහන් කරන්නේ එම ඉල්ලීමට හේතුව රතුකුරුස සංවිධානය විසින් ලොව පුරා රටවලට කරන ලද දැනුම් දීමකට ප්‍රතිචාර දැක්වීම මිස මෙරට කොරෝනා අවදානම බරපතළ වීමක් නොවන බවයි.

රතු කුරුස සංවිධානය දැනුම් දී තිබෙන් මෙරට අවශ්‍යතාවය සම්බන්ධයෙන් ලිඛිතව දන්වන ලෙසත් එනිසා මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ බවද ඔහු සඳහන් කළේය.
මළ සිරුරු බහාලන කවර කොරෝනා ආසාදනයෙන් මිය යන අයට නොව වෙනත් මල සිරුරු බහාලීම සදහා භාවිතාවන බවද ඔහු සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් වෛද්‍ය චමල් සංජීව මහතා තම ෆේස්බුක් ගිණුමේ මෙම සටහන පළකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෘතදේහ බහාලන ( Body Bags) දහසක් හදිසියේ ඇනවම් කළේ ඇයි?

මෙවැනි විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් අල්විස් මහතා විසින් අත්සන් කරන ලද ලිපියක් සම්බන්ධව ආන්දෝලනයක් ඇති විය හැක.එය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ලිපියක් වන අතර එය ව්‍යාජ ලිපියක් නොවන බවද සඳහන් කරනු කැමැත්තෙමි.

මෙම හදිසි අවස්ථාවේදී රටපුරා සිදුවන හදිසි මරණ, සැකසහිත මරණ ,හඳුනාගත නොහැකි මරණ, ඇතුළු corona රෝගී තත්ත්ව ආසාදන වූ තහවුරු වූ සහ corona රෝගී තත්ත්වය ආසාදිත බවට තහවුරු නොවූ එහෙත් සැක සහිත සියලු මරණ පවතින සෞඛ්‍ය අනාරක්ෂිත භාවය මත පදනම් කොට බොහෝ අවස්ථාවන් වලදී මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, හදිසි මරණ පරීක්ෂකවරුන්, විසින් ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හො සෞඛ්‍ය බලධාරීන් ආදී කණ්ඩායම්වල ඉල්ලීම මත ඒ ඒ අවස්ථාවන් වලදී සාමාන්‍ය මරණයක් සඳහා පරීක්ෂණ සිදුකරන ක්‍රමවේදය වෙනුවට මෘතදේහය මෘතදේහය බහාලන Body Bag දමා එය ආදාහනය කිරීම වේගය මේ වන විට වැඩි වී ඇත..

මේ තත්ත්වය යටතෙ දිනකට සැලකිය යුතු මරණ ප්‍රමාණයක් සිදුවන මූලික රෝහල්, ශික්ෂණ රෝහල හා ප්‍රධාන ජාතික රෝහල් සඳහා මෘත දේහ බහාලන විශාල ප්‍රමාණයක් දෛනිකව අවශ්‍ය වනු ඇත.

පසුගිය කාලසීමාවේදී corona ආසාදිත හත් දෙනකු පමණක් මියගිය නමුත් සැක සහිත හා හදිසි මරණ යම් දිවයින පුරා සිදුවී ඇත… මේ සියල්ල මෘතදේහ බහාලන භාවිතා කරමින් ආදාහනය කිමට සිදුව ඇති අතර මේ තත්ත්වය යටතේ මෘතදේහ බහාලන බෑග් වැඩි ප්‍රමාණයක් අදාළ රෝහල්වලට යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවන ඇත.

දැනට රට තුළ උද්ගතව ඇති හදිසි වසංගත රෝගී හා සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වය තවත් සති කිහිපයක් පැවතිය හැකි බැවින් ද අදාළ කාලසීමාවන් තුළදී මියයන corona බව තහවුරු නොවූ එහෙත් සැකසහිත හදිසි මරණ සඳහා ද ආරක්ෂක ක්‍රමයක් ලෙස ප්‍රජාව ගේ ආරක්ෂාව සැලසීම සඳහා සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සැක සහිත මරණ වලින් කුමන හෝ අන්දමක අනාරක්ෂිත තත්වයට පත්වීම වැළැක්වීම උදෙසාත් මේ අන්දමට මෘතදේහ බහාලන අවශ්‍ය වෙයි.

– Chamal Sanjeewa FB

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements