මිය ගිය සිව්වන ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාධනය වූයේ කටුනායකින් ?
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොවිඩ්-19 රෝගයෙන් මිය ගිය සිව්වන ශ්‍රී ලාංකිකයාට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න ගැන විවිධ සැකයන් මතු වී තිබෙනවා.
පසුගිය දා (02) මියගිය මෙම පුද්ගලයා තම බිරිඳ සමග ඉන්දියාවේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණ තිබුණේ මාර්තු 10දායි.
ඒ අවස්ථාවේ නිරෝධානයට විරෝධතාවය පාමින් සිටි ඉතාලියෙන් ආ පිරිසකටද මොවුන් මැදිවී තිබෙනවා.
මාර්තු 16 දා එම යුවළට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී පුද්ගලික රෝහලකට ගොස් ඇති නමුත් ගුවන්තොටුපොළේ සිදුවීම පැවසීමෙන් පසුව ප්‍රතිකාර කල නොහැකි බව පවසා තිබෙනවා.
පසුව ඔවුන් රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඔස්සේ අංගොඩ අයි ඩී එච් ඒකකය වෙත යවා ඇතැයි සඳහන්.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මාර්තු 31 දා සුවය ලබා පිටව ගොස් තිබුණා.
මෙම යුවල ඉන්දියාවේ දී වෛරසයට ගොදුරු වූවාද නැතහොත් කටුනායක ගුවන් තොටුපොළේදී ආසාදනය වූවාදැයි නිශ්චිතව සඳහන් කළ නොහැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ' මව්බිම' කළ විමසීමකදී පැවසුවා.

