Advertisement

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර ඇත.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවය.

(ඩී.ජී.සුගතපාල)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements