කොළඹටම කොරෝනා භීතිකාවක් -කෙසෙල්වත්තේ් 62කට කොරෝනා - කොළඹින් ආසාධිතයින් 115ක්
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
කොළඹ – කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21)පස්වරුව වනවිට 62ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
එසේම, ඊයේ සොයා ගත් ආසාදිතයන් අතරින් එක් අයෙකු රත්නපුරයේ බවට පළමුව වාර්තා වුවත් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔහු වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 15 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිස වන 115 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සටහන් වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
අද වනවිට මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 310ක්. ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 6 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කෙරුණා.
වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූවන් සංඛ්‍යාව 102 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
gossip gossip lanka

