වැඩසටහනට එක්වූ 2ට කොරෝනා - රූපවාහිනී නාළිකාවක සේවකයන් 5ක් PCR පරීක්ෂණයට
corona
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
PCR
,
Sri lanka
,
web gossip
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමග රූපවාහිනී නාළිකාවක සේවකයන් පස් දෙනකු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා.
ඒ අතර වේෂ නිරූපණ ශිල්පියකු ද වනවා.
ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණා.
මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයන් සමග අදාළ රූපවාහිනී ආයතනයේ වැඩසටහනකට එක් වී තිබෙනවා.එම වැඩසටහනට එක් වූ නාවික හමුදා කණ්ඩායමේ අයකුට කොවිඩ් වැලඳීමත් සමග කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ගුවන් හමුදා සෙබළාත් ආසාදිතයකු ලෙස වාර්තා වුණා.
ගුවන් හමුදා කෝප්‍රල්වරයා නියෝජනය කළ තූර්යවාදක කණ්ඩායම පසුගිය දිනවල මහල් නිවාස ආශ්‍රිතව සංගීත ප්‍රසංගවලට එක්ව සිටියා.

