IDH රෝහලට තවත් රෝගීන් ඇතුලත් කල නොහැකියි - දාරිතාවය ඉක්මවා යයි
corona
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
IDH
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් ගණන 140 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, එම රෝහලට ඇතුළත් කරගත හැකි රෝගීන් සංඛ්‍යාව මේ වනවිට උපරිම මට්ටමට පැමිණ ඇති බවයි එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ.
දැනට නේවාසිකව ප‍්‍රතිකාර ලබන පිරිස අතරින් යම් පිරිසක් සුව අතට හැරී වෛරසය නොමැති බවට තහවුරු වන තෙක් රඳවාගෙන සිටින අය බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කළා.
ඒ අනුව IDH රෝහලට අළුතින් රෝගීන් ඇතුළත් කරගැනීමට නම්, දැනට සුවය ලබා ඒ සම්බන්ධයෙන් වන වාර්තා ලැබෙන තුරු IDH රෝහලේ රඳවාගෙන සිිටින පිරිස වෙනත් රෝහලක් වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ.
මේ අතර, පවත්නා තත්වයන් යටතේ කොරෝනා වෛරසය රට තුළ තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව තවදුරටත් කි‍්‍රයා කිරීම අත්‍යාවශ්‍ය බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කියා සිටියේ ඇතැම් ජනතාව තවමත් ක්‍රියා කරමින් ඇත්තේ පොලිසියට බිය නිසා මිසක් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ චේතනාවෙන් නොවන බවයි පෙන්වා දුන්නේ. එසේ කරන්නේ නම් ඇඳිරි නීතිය දැමීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන බවයි සඳහන් කෙරුණේ.
සෑම දිනකම ඇඳිරි නීතිය පැනවිය නොහැකි බවත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කටයුතු කළ යුතු පුරුදු ඇති කර ගැනීමට ජනතාව ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දුන්නා

