Featured News

Video Gossip

Advertisement

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම් මට්ටමින් ව්‍යාප්ත වන්නේ දැයි සැකයක් මතු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා අසාදිතයෙකු සමග සෘජු ගැටීමක් සිදු නොවූ 84 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05 දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.


මෙසේ පරික්ෂා කර ඇත්තේ මීට දෙසීයක් තුන්සියයක් අතර නිවෙස් වල පදිංචිකරුවන් වීම නිසා මෙම සැකය පහළ වන බවද ඔහු කියා සිටියේය.
මේ අනුව රට පුරා අහඹු ලෙස නියැදි පරීක්ෂණ කඩිනමින් සිදුකිරීම ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
මේ වන විට කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම ලෙඩ වී දැන් ලංකාවත් ලෙඩවී ඇතැයිද පවසන ලේකම්වරයා මෙම වෛරසය දිනපතා වෙනස් වන නිසා වහාම නියැදි ලබාගෙන අවේක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු ඇති බවද අවධාරණය කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements