Featured News

Video Gossip

Advertisement

වීසා කාලය අවසන්ව තවමත් ඉරාකයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000ක් ආපසු එවීමට ඉරාක රජය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

මේ පිරිස වීසා නොමැතිව සිටීම නීති විරෝධී බැවින්, ඔවුන් සියලුදෙනාටම ශ්‍රී ලංකාවට පැමිණීමට නොමිලයේ ගුවන් ටිකට්පතක් ලබාදීමට යන බවත් දැනගන්නට ඇත. මේ තත්ත්වය ගැන විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතාගෙන් ‘මව්බිම’ විමසූවිට ඔහු කීවේ එවැනි තත්ත්වයක් උද්ගතව තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවත්, කෙසේ වෙතත් ඉරාක රාජ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කොට මේ පිරිසට යම් සහනයක් ලබාදීමට විදේශ රැකියා කාර්යාංශයත්, විදේශ සබඳතා ඇමැතිවරයාත්, ඉදිරිපත්ව කටයුතු කරන බවයි. 

මේ පිරිසට සමා කාලයක් ලබාගැනීමට හෝ කාලය අවසන්වී ඇති වීසාවලට තවත් කාලයක් දික්කර ගැනීමට හෝ, දැනට එරට රැකියාවල යෙදී සිටින අයට තවත් කාලයක් එම රැකියාවල යෙදී සිටීමට හෝ ක්වේට් රජය සමඟ රාජ්‍ය මට්ටමෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට උත්සාහ කරන බවද රත්වත්ත මහතා පැවැසීය. මීට පෙර ඕමාන්වල රැකියාවල යෙදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙවැනි ප්‍රශ්්නයකට මුහුණ දුන් අවස්ථාවේ එරට රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කොට විසඳුමක් ලබාදීමට හැකියාව ලැබුණු බවද විදේශ රැකියා කාර්යාංශයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements